උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිධුරය පේෂල ජයරත්න මහතාට හිමිවීමට නියමිත බව උතුරු මැද පළාත් සභා ආරංච් මාර්ග සඳහන් කරයි.
එම පළාත් සභාවේ බහුතරයකගේ කැමැත්. පේෂල ජයරත්න මහතාට ලැබී තිබෙන බවද වාර්තා වෙයි.
වර්තමාන මහ ඇමති එස්.එම්.රංජිත් මහතා එම ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවද සඳහන් වෙයි.
පේෂල ජයරත්න මහතා ජනපතිවරණ කාලසීමාවේදී සන්ධානයේ සිට පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
ඔහු එළැඹෙන 27දාට ප්රථම මහ ඇමති තනතුරේ වැඩ බාර ගනු ඇතැයිද සඳහන් වෙයි.
උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්රී ආසන 21ක් හිමි අතර එයින් 19 දෙනෙකුම පේෂල ජයරත්න මහතාට සහාද දීමට තිරණය කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීධුරයද ඇතුළුව විපක්ෂයට මන්ත්රීධුර 12ක් හිමිය.