උතුරු පළාත් මහ අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව පළාත් සභා ආරචිං මාර්ග පවසයි. පළාත් සභාවට ඉදිරිපත් කෙරෙන යෝජනා කල් දැමීමේන් සභාවේ අවුල් සහගත තත්ත්වයක් ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක්ද මේ නිසා කළකිරි ඇති අතර ඔවුන් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වන බව ඔහු පැවැසීය.
මේ සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ එවැනි විශ්විසභංගයක් ගෙන ඒමට දෙමළ ජාතික සන්ධානයේ සූදානම්ක නොමැති බවත් එසේ ගෙනආවොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවයි.
නිශාන්ත කුමාර බණ්ඩාර