උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විදෙස්ගතවීම සම්බන්ධයෙන් මෙතෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම්දීමක් හෝ අවසරයක් ගෙන නැති බවත් මහ ඇමතිවරයා වෙනුවට වැඩබලන මහඇමතිවරයෙකු පත්කර නොමැති බවත් වාර්තා වෙයි.
උතුරු මහ ඇමති පසුගිය 14 වනදා විදෙස්ගත වී ඇත්තේ 29 වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩබලන මහඇමතිවරයෙකු පත් නොකිරීම නිසාවෙන් 15 වනදා උතුරු පළාත්සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් විසින් අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාජා වැඩබලන මහ ඇමතිවරයා ලෙස පත් කරනු ලැබීය.
එසේ පත් වූ ටී.කුරුකුලරාජා මේ වන තුරු උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී වැඩබලන මහඇමතිවරයා වශයෙන් දිවුරුම් දී හෝ දිවුරුම් වාර්තාවක් භාරදී නොමැත.