දිවයිනේ වෙනත් ප්‍රදේශයන්හි ජනතාව උතුරු පළාතේ නැවත පදිංචි කිරීමෙන් ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් යුද හමුදාව රැඳී සිටින උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා නොදීම නිසා ජන ජීවිතයටද ගැටලු ඇති වී තිබෙන බවත් තමන් කැනඩා විදෙස් අමාත්‍ය ස්ටීවන් ඩියෝන් මහතාට දැනුම් දුන බව උතුරු මහ ඇමති කියා සිටියේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා මේ බව කියා සිටියේ පෙරේදා (29 දා) උතුරු පළාතේ සංචාරයක නිරත කැනඩාවේ විදේශ අමාත්‍ය ස්ටීවන් ඩියෝන් මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය අමතමිනි.
‘‘යුද්ධය අවසන් වෙලා වසර 7 ක් ගිහිල්ලත් යුධ හමුදාව මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. යුද හමුදාව අපේ ඉඩම් අත්පත් කරගෙන එයාලගේ නිෂ්පාදන වලින් ප්රතිලාභ ගන්නවා. ඒ නිසා සාමන්‍ය වැසියන්ගේ ව්‍යාපර ඇණහිටලා. ඉඩම් ටිකක් නිදහස් කරල තියනවා නමුත් විශාල ජනතාවක් තවමත් අවතැන් කඳවුරු වල ඉන්නවා. මේ තමයි අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුව කියලා මම කැණඩා විදේශ අමාත්‍ය වරයාව දැනවත් කළා.
ඒ වගේම කැනඩා විදේශ අමාත්‍යවරයාට අවශ්‍ය වෙලා තිබුණා දේශපාලනික වශයෙන් අපේ අවශ්‍යතාවය මොකද්ද කියල දැන ගන්න. මම කිව්වා මේ වෙනකොටත් අපිට ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් අවශ්‍ය දේ ලබා දීල තියෙන්නෙ, ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ රට දෙකඩ කිරීමට නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බව මම දැනුම් දුන්නා. මේ වන විට වෙනත් පළාත්වල ජනතාව ගෙනල්ල පදිංචි කරවීම් කරනවා ඒක අපිට විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ. මම ඒ ගැනත් දැනුම් දුන්නා කනඩා විදේශ අමාත්‍ය වරයාට”