උතුරු පළාතේ සිංහල දෙමල මුස්ලිම් දරු දැරියන් එකට ඉගෙන ගන්නා මිශ්‍ර පාසල් ඇතිකළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
ඒකාබද්ධ අණදෙන මුලස්ථානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පාලනය වන විශ්වමඩු පුහුණු කදවුර පිළිබද නිරීක්ෂණ චාරිකාවක් සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගී වෙමින් මේබව කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.
සිංහල මිනිසුන් හා දෙමල මිනිසුන් සියලුම දෙනා ජාතිවාදීන් මිනිසුන් නෙමෙයි අපි අදිටන් කරගමු සියලු දෙනාම එකතු වී රට සංවර්ධනය කරා ගෙනයාමට.
කලවන් වීම යනු අබලන් වීම වගේ වැඩක් නෙමෙයි කලවන් වීම තුලින් තමයි හොද දේවල් බිහි වෙන්නේ. සිංහල දමිල විවාහය තුලින් සිදුවන්නේත් ඒ ටිකමයි. මේ රට ලෝකයේ උතුම්ම රට බවට පත් කරන්නට අපි වැඩ කල යුතුයි. හමුදාවේ උදවුවෙන් දැන් පෙර පාසල් හැම තැනම පැවෙත් වෙනවා එක ඉතාම හොද වැඩක්. මම යෝජනා කරනවා උතුරු පළාතේ සිංහල දෙමල මුස්ලිම් සියලුම දරු දැරියන් එකට ඉගන ගන්නා මිශ්‍ර පාසල් ඇතිකළ යුතුයි කියලා.අධ්‍යාපනයට ජාති ආගම් තිබෙන්නට බැ. යනුවෙනි.
එම සංචාරයේදී විශ්වමඩු පුහුණු කදවුරේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 3500ක් පමණ පුහුණුව ලබන අතර මීට ප්‍රථම 3000කට ආසන්න පිරිසක් පුනුරුත්ථාපනය ලබා සමාජයට වැඩදායි පුද්ගලයන් ලෙස විවිධ වෘත්තන් යටතේ පුහුණුව අවසන් කර සමාජ ගත වී ඇති බව මෙම නිරීක්ෂණයේදී තහුරු විය.