වවුනියාව දිසාපතිවරයාට ස්ථාන මාරුවීම ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි පවසමින් උතුරු පළාත් සභාවේ සියලුම මැතිඇමතිවරු අද (23දා) විරෝධතාවක නිරත වූහ.
පළාත් සභා ප්රධාන දොරටුව අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර, මේ හේතුවෙන් එදින පැවැත්වීමට නියමිතව තිබූ දෛනික පළාත් සභා වාරය අවලංගු කිරීමට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා පියවර ගත්තේය.
පසුව දහවල් 11.30 ට පමණ පළාත් සභාවේදී අදාළ විරෝධතාව පිළිබඳව පමණක් පක්ෂ නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවකින් පසුව පළාත් සභා සැසි වාරය අවසන් විය.
විරෝධතාකරුවන් පවසා සිටියේ, මේ මස 09 වැනිදා උතුරු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහායෙන් වවුනියාව දිසාපතිට ස්ථාන මාරුවීමක් ලබාදිය යුතු බවට යෝජනාවක් සම්මත වීමෙන් පසුව මේ දක්වා ඒ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණු බවයි.