උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තිබූ අමාත්‍යාංශ දෙකක් වෙනුවෙන් අද (23) නව අමාත්‍යවරුන් දෙදෙනෙකු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
මේ අනුව උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ,පරිවාස හා ළමාරක්ෂක සේවා නව අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය ආචාර්ය ඥානශීලන් ගුණසීලන් මහතාද උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සිවනේෂන් මහතාද අද (23දා) උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
ඊට අමතරව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍ය වරයා වශයෙන් උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
තවද උතුරු පළාත් කාන්තා කටයුතු ,පුනරුත්ථාපන, සමාජ සේවා ,සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම් කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, වෙළෙඳ හා වාණිජ අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මියද උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී අද දිවුරුම් දෙනු ලැබීය.
මේ අනුව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිට ඉල්ලා අස්වූ පී.සත්‍යලිංගම් මහතාගේ අමාත්‍යධුරය ඥානසීලන් ගුණසීලන් මහතාටද මීට පෙර කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටි පී.ඩෙනිස්වරන් මහතාගේ අමාත්‍යංශයන් කන්දයියා සිවනේෂන් මහතාටද භාර දී ඇත.
අතර මීට පෙර පී .ඩෙනිස්වරන් අමාත්‍යවරයා යටතේ පැවති මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යංශයන් උතුරු මහඇමති යටතට පවරා ගෙන තිබේ.