උතුරු - නැගෙනහිර පළාත්වල සිදුවන දේශපාලන කටයුතු සම්බන්ධව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ජාතික බුද්ධි අංශ විසින් රහස්ය වාර්තාවක් ලබාදී ඇතැයි වාර්තා වේ.
එම පළාත්වල දේශපාලනඥයන් විසින් ඉකුත් කාලය තුළදී කටයුතු කර ඇති ආකාරය එම වාර්තාවට ඇතුළත් කර ඇතැයිද සඳහන් වේ.
උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි දේශපාලන පක්ෂ, සංවිධාන හා දේශපාලනඥයන් කටයුතු කරන අන්දමත්, ඔවුන්ගේ ඉදිරි සැලසුම් සම්බන්ධවත් එමගින් කරුණු දක්වා ඇතැයිද දැනගන්නට ලැබේ.
ජාතික සමගියට බාධාවන ආකාරයේ හැසිරීම් හා සිද්ධීන් සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන්නැයි බුද්ධි අංශවලට විශේෂයෙන් උපදෙස් ලැබී ඇති බවද වාර්තා වෙයි.
මීට අමතරව උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සමග දකුණේ දේශපාලනඥයන් කටයුතු කරන අන්දමත්,ඔවුන් සමග පවත්වාගෙන යන සබඳතා පිළිබඳවත් බුද්ධි අංශ කරුණු අනාවරණය කරගෙන තිබෙන අතර, ඒසම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාට හා ආරක්ෂක මණ්ඩලයට කරුණු පෙන්වාදී ඇතැයිද කියැවේ.