උතුරු නැගෙනහිර පාසල්වල පවතින අඩුපාඩු හඳුනාගැනීම සඳහා විධිමත් සමීක්ෂණයක් සිදුකිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මීට අමතරව ඉඩම් මුදාහැර නොමැති ප්‍ර‘දේශවල පවතින පාසල්වල තත්ත්වය පිළිබව යුද හමුදාවෙන් වාර්තාවක් කැඳවීමටද නියමිතය.
උතුරු නැගෙනහිර පාසල්වල පවතින ගුරු හිඟයට හා සම්පත් හිඟයට විසඳුම් සෙවීම සඳහා මෙම සමීක්ෂණය සිදු කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා තීරණය කර තිබේ.
සමීක්ෂණයෙන් පසු හඳුනාගන්නා අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමටද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.