ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින්ට දිනකට මතස්‍ය කිලෝ 60,000 ත් 80,000 ත් අතර ප්‍රමාණයක් අහිමි වන බවට උතුරේ එක්සත් ධීවර සමිති නායකයින් කියා සිටිති. ඒ හරහා වත්මන් උතුරු ධීවරයින්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල් වී ඇතැයිද ඔවුහු කියති.
දිනකට මේතරම් වූ විශාල මතස්‍ය සම්පතක් උතුරේ ධීවරයින්ට අහිමි වීම මගින් එය උතුරේ ධීවරයින්ගේ ඊළඟ පරම්පරාවට පමණක් නොව තවත් පරම්පරා ගණනාවකටම දැඩි ලෙසින් බලපාන ගැටලුවවක් වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.