උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පාදයේ ශල්‍ය කර්මයකට භජනය වී ඇති බව දකුණු කොරියාවේ බුද්ධි අංශ අනාවරණය කරයි.
දකුණු කොරියානු බුද්ධි තොරතුරු අනුව, කිම් ජොන්ග්-උන් ගේ වළලුකරේ ඇති වූ විසප්පු ගෙඩියක් විදේශ වෛද්‍යවරයෙකු ලවා ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට හෙතෙම භාජනය වී තිබේ.
පසුගිය කාලයේදී උතුරු කොරියානු නායකයා එක් වරම අතුරුදන් වූ අතර, එරට රජයේ ප්‍රධාන වැඩසටහන්වලදී පවා ඔහු දැකගත නොහැකි විය. මේ ආකාරයෙන් මාසයකට වැඩි කාලයක් එළියට නොපැමිණි කිම් ජොන්ග්-උන් මීට සති දෙකකට පමණ පෙරදී නැවතත් කරළියට පැමිණි අතර, ඔහු එහිදී ඇවිදීම සඳහා හැරමිටියක් භාවිත කරන ආකාරය එරට රජය විසින් නිකුත් කළ ඡායාරූපවල දැකගත හැකිවිය.
දකුණු කොරියානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ උතුරු කොරියානු නායකයා අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වූවෙකු නිසා ශල්‍යකර්මයෙන් පසු ඔහු නැවත සුව අතට පත්වීමට වැඩි කාලයක් ගත වී ඇති බවයි.
එහිදී, ඔහුගේ රෝගයට ප්‍රතිකාර කරමින්, ඔහුගේ දකුණු වළලුකරයේ වූ විසප්පු ගෙඩිය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා විදේශ වෛද්‍ය විශේෂඥයන් එරටට පැමිණ තිබේ.
එහිදී, ඔහුට ප්‍රතිකාර කිරීමට පැමිණි වෛද්‍ය කණ්ඩායම යුරෝපයෙන් පැමිණි පිරිසක් බවද දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණත්, ඔවුන් පැමිණි රට හෙළි නොකිරීමට දකුණු කොරියාව වගබලාගෙන ඇත.