උතුරු කොරියාව සබ්මැරීනයක සිට බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බවත්, එය ගුවන්ගත වී කෙටි වේලාවකින් යළි සාගරයට කඩා වැටී ඇති බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
කොරියානු අර්ධද්වීපයට නැගෙනහිරින් මීට පෙරද ඔවුන් විසින් සිදුකළ අත්හදා බැලීම් ආශ්රිත සාගර කලාපයේදීම මෙම මිසයිල අත්හදා බැලීමද සිදුකර ඇති බව කියැවෙයි.
මීට මාස තුනකට පෙරදීද උතුරු කොරියාව සබ්මැරීනයක සිට මිසයිල අත්හදා බැලීමක් සිදුකිරීමට උත්සාහ කළත්, ඔවුන්ගේ ඒ ව්‍යායාමයද අසාර්ථක විය.
න්‍යෂ්ටික අවි ආයුද අත්හදා බැලීමේ නිරත උතුරු කොරියාව වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් සම්බාධක පනවා ඇති අතර, මෙවැනි ආකාරයේ කිසිදු මිසයිල තාක්ෂණයක් යොදාගැනීම තහනම් කර තිබේ.
ඇමෙරිකාව හා දකුණු කොරියාව එක්ව උතුරු කොරියාවෙන් ඇතිවිය හැකි ඕනෑම ආකාරයක ප්‍රහාරයක් වැළැක්වීමේ අරමුණින් මිසයිල ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීමට පසුගිය සිකුරාදා ගනු ලැබූ තීරණයෙන් පසුව උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකිරීමද සුවිශේෂී සිදුවීමකි.
දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසා සිටියේ එරට වේලාවෙන් උදෑසන 11.30 ට පමණ උතුරු කොරියාවේ සින්පෝ වරාය ආශ්රිත සාගරයේදී මෙම මිසයිල අත්හදා බැලීම සිදුකළ බවයි.