බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව සිදුවන ගනුදෙනු වල ප්රථිඵලයක් ලෙස උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ශ්‍රී ලංකාවේ සංචාරයක් හිමිව තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි දෙකක පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තයේ ප්‍රධානතම පුවත්පතක් වන ටෙලිග්රාෆ් පුවත්පත මේ බව සිය පළමු පිටුවේ වාර්තා කර ඇත. ඔවුන් පවසන්නේ එය සනාථ කිරිම සඳහා තමන්ට සාක්ෂි ඇති බවයි.
ඉයන් පයිස්ලේ නම් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් මෙම අනුග්‍රහය දක්වා ඇති අතර එහි වටිනාකම පවුම් ලක්ෂයක් (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 202) බවද ඔවුන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේදී ඔහු සුඛෝපභොගී හෝටල තුළ නැවතී සිට ඇති අතර ඔහුගේ ගමන් බිමන් සඳහා මර්සිඩීස් බෙන්ස් මෝටර් රථද ලබාදී ඇත. එම සංචාරය සඳහා ඔහුගේ බිරිඳ මෙන්ම දරුවන් සිවුදෙනාද එක්ව තිබේ.
ටෙලිග්රාෆ් පුවත්පත පළමු පිටුවෙන් ප්‍රවෘත්තිය අණාවරණය කර තිබූ අයුරු
මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සමග
මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ අයර්ලන්ත ආගමන විගමන බලපත්‍රයක් සමගිනි.