දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් 13 වැනිදා උතුරු පළාත තුළ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සහය දෙන්නැයි දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන ‘දෙමළ ජනතා සභාව’ හා ‘දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු වන එම්.ශක්තිවේල් පියතුමන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
අදාළ ඉල්ලීම්වලින් මේ වනවිට යාපනය සරසවිය මගින් හර්තාලයට පූර්ණ සහය දක්වන බවට දැනුම් දී ඇති අතර, වෙළෙඳ හා ප්‍රවාහන සංගම් මෙන්ම ධීවර සංගම් ඇතුළු සිවිල් සංවිධානවලද සහය ඉදිරියේදී ලැබෙනු ඇති බවටද වාර්තා වේ.