උත්සව සමය නිමිති කරගෙන රට පුරා ක්‍රියාත්මක විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව සෑම නගරයකම විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, කුමන හෝ පුද්ගලයෙකුට අකටයුත්තක් සිදුවුවහොත් ඒ පිළිබඳව ළඟම සිටින පොලිස් නිලධාරියාට හෝ 119 දුරකථන අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.