උත්සව සමයේ නගරයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නිල ඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමින්ද ආරක්ෂක නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
තවද උත්සව සමයේ ආහාර සම්බන්ධයෙන්ද පොලීසිය කටයුතු කරන අතර ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයද ලබාගන්නා බවත් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ගුණසේකර මහතා පැවසීය.