අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව හා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව හෙට (29දා) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරන බවත්, මේ අනුව හෙට (29දා) සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා කාලය තුළදී පළමු අදියරේ කටයුතු සිදුකරන බවත්, ඒ සඳහා පාසල් 06 ක් සම්පූර්ණයෙන්ම වසා දමන බවත්, පාසල් 21 ක කොටසක් වශයෙන් වසා දමන බවද ඒ මහතා පවසා සිටියේය.
කොටසක් වශයෙන් වසා දමන පාසල් සාමාන්‍ය පරිදි 31 වැනිදා ආරම්භ වන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ දෙවැනි අදියර සැප්තැම්බර් 05 වැනිදා සිට 18 වැනිදා දක්වාත්, තුන්වැනි අදියරේ කටයුතු සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වාත් පැවැත්වේ.
පළමු අදියරේ කටයුතු මධ්‍යස්ථාන 31 කදී ඇගයීම් මණ්ඩල 382 කදී ගුරුවරුන් 6876 ක සහභාගීත්වයෙන් සිදුවන බවත්, මෙවර විභාගයේදී උත්තර පත්‍ර ලක්ෂ 38 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවද පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අද සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, එය මණ්ඩල 380 කදී ගුරුවරුන් 5700 ක සහභාගීත්වයෙන් සිදුවන බවද කියා සිටියේය.
උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා එම කාලය තුළදී පාසල් 35 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර, පාසල් 04 ක කොටසක් පමණක් වසා තැබෙන බවද සඳහන් කළේය. කොටසක්වශයෙන් වසා තබන පාසල් නියමිත ලෙස මේ මස 31 වැනිදා ආරම්භ වන බවද හෙතෙම සඳහන් කළේය.