උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා 'අද' ට පැවසීය.
රඹුක්කන - කඩුගන්නාව අතර සහ කඩුගන්නාව - පිළිමතලාව අතර පස්කඳු නායයෑම් කිහිපයක්ම සිදුවී දුම්රිය මාර්ගයට හානි සිදුවී ඇති බැවින් මෙම තීරණය ගත්බව හෙතෙම පැවසීය.
මීට අමතරව බණ්ඩාරවෙල, අඹේවෙල ප්රදේශවලද නායයෑම් සිදු වී ඇති අතර, නැගෙනහිර දුම්රිය මාර්ගයේ මඩකලපුව දුම්රිය ධාවනය නතර කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
මෙම මාර්ගවල නැවත දුම්රිය ධාවනය කරන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.