උගන්ඩාව සහ ලිබියානු රාජ්‍යයන් තුළ පවතින ශ්‍රීලංකා තානාපති කාර්යාල වසා දැමීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඊයේ(14) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.
රාජ්‍ය නිලධාරීන් මෙම රටවල් තුළට යාමට දක්වන අකමැත්ත හේතුවෙන් නිලධාරීන් නොමැතිකමින් මෙම තනාපති කාර්යාල වසාදැමීමට තීරණය කළ බව ඒ මහතා පැවසීය.එමෙන්ම ඉරානය ,සිරියාව, ඉරාකය වැනි රටවලද තනාපති කාර්යාල සේවයට යාමට මෙරට නිලධාරීන් කැමැත්තක් දක්වන්නේ නැතැයි අමාත්‍යවරයා ප්‍රකාශ මෙහිදී කළේය.
කෙසේවෙතත් ඉරාකය සමග ශ්‍රීලංකාව දිගු ඉතිහාසයක සිට සබඳතා පවත්වා ඇති බැවින් තවදුරටත් ඉරාකයේ ශ්‍රීලංකා තනාපතිකාර්යාලය පවත්වාගෙන යාමටත්, අල්සභා හි නව තනාපති කාර්යාලයක් පිහිටුවීමටත්කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.