පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 10ක් සම්පූර්ණයෙන් වසා තබනු ඇත. දෙවන අදියර සැප්තැම්බර් 14 දා ආරම්භ කෙරෙන අතර 27 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරේ. සම්පූර්ණයෙන් පාසල් 05ක් ද කොටසක් වසන පාසල් 17ක් තුළ ද ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාත් මැතිවරණය හේතුවෙන් එම පළාතේ තිබෙන බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ඇගයීම් සඳහා වසා තැබෙන අතර බණ්ඩාරවෙල සීවලි මහ විදුහල කොටසක් ඇගයීම් සඳහා වසා තැබෙනු ඇත. මේ පාසල්වල සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 10 අතර කාලය තුළ ඇගයීම් කටයුතු සිදු කෙරේ.
උසස් පෙළ පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු සඳහා 21,000ක් පමණ පරීක්ෂකවරුන් යොදවා තිබේ.