තමා ඊළඟ ජනාධිපතිවරණයේ සිට නැවතත් දේශපාලනය ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පැවසීය.
ගැටඹේදී අද (22දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය. එසේම තමා තවමත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෙකු බවදඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් තමන් ඉදිරියේදී කුමන පක්ෂයක් යටතේ කටයුතු කරන්නේදැයි පැවසිය නොහැකි බවදහෙතෙම සඳහන් කළේය.
“මම තවම එක්සත්ජාතික පාක්ෂිකයෙක්. මගේ දේශපාලනය නැවත් ආරම්භ කරන්න සුදුසු වෙලාව ඊළඟ ජනාධිපතිවරණය කියල මම හිතනවා.මට කියන්න බැහැ කොයි පැත්තක් ගන්න වෙයිද කියලා. මොකද ජනතාව සියලු දේශපාලකයන් ගැන කලකිරිල ඉන්නෙ.මම ජනතාව තෝරගන්න පැත්තක ඉන්නවා.අපට ජනාධිපතිවරණයේදී හිතන්න වෙනවා කවුද රට ගැන හිතන්නෙ කියල.
මොකද අද දේශපාලනය ගත්තම ව්‍යාපාරික දේශපාලකයන් තමා ඇති වෙලා ඉන්නෙ.දේශපාලන ව්‍යාපාරිකයන් බිහිවීම රටට ඉතාමත් අහිතකරයි.දේශපාලන ව්‍යාපාරිකයන්ගෙන් ඇත් වෙච්ච නායකයන් මේ රටට අවශ්‍යයි”