ඊශ්‍රායල් හිටපු නායක ෂිමොන් පෙරේස් අවමංගල්‍ය උත්සවය ලෝක රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ජෙරුසිලමේදී පැවැත්වෙයි.
ආරක්ෂාව පිළිබඳ දැඩි තර්ජනයක් පැවතියත් මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, හිටපු ජනපති බිල් ක්ලින්ටන්, පලස්තීන නායක මොහොමඩ් අබ්බාස්, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු, විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සහ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, කැනඩා අගමැති ජස්ටින් ට්රෑඩෝ, යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්, ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ, ඉතාලි අගමැති මැට්ටියෝ රෙන්සි, ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙන් නකාටානි, ජෝර්දාන ජ්‍යෙෂ්ඨ අමාත ජවාඩ් අනානි, මෙක්සිකෝ ජනාධිපති පේනා නීටෝ, නෙදර්ලන්ත අගමැති මාර්ක් රුටේ, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග්, ස්පාඤ්ඤ හය වැනි ෆිලිප් රජු, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මෙන්ම තවත් රාජ්‍යයන් රැසක නියෝජිතයන් මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටිති.
ඊශ්‍රායලය විසින් අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ජෙරුසිලම ආශ්‍රිතව 8,000ක පොලිස් බලකායක් යොදවා ඇති බව කියයි.
ඊශ්‍රායලයේ ආදිකර්තෘවරයෙකු ලෙස සැලකෙන පෙරේස් පසුගිය බදාදා අවුරුදු 93ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්වූයේ හදිසි ආඝාත තත්ත්වයක් හේතුවෙනි.
එමෙන්ම, මෙම අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ඊශ්‍රායලය සමග නිරන්තර ගැටුමක සිටින පලස්තීන නායකයාගේ පැමිණීමද විශේෂත්වයක් වූ අතර, 2010 වසරින් පසුව පලස්තීන නායකයෙකු දූත පිරිසක් සමග ඊශ්‍රායලයට පැමිනි ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.