අභාවප්‍රාප්ත හිටපු ඊශ්‍රායල් ජනපති ෂිමොන් පෙරෙස්ගේ අවමංගල්‍යයට පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් සහභාගි වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
සිකුරාදා දිනයේ පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන විදෙස් නායකයන් රැස අතරට පලස්තීන නායකයාද ඇතුළත් වන බවත්, ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා මෙන්ම, හිටපු ජනපති බිල් ක්ලින්ටන්ද මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිටත් මෙම කලාපයේ ආරක්ෂාව තරකර ඇති අතර, අවමංගල්‍යයට සහභාගී වන විදෙස් නායකයන් සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ගෙන ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
වසර 45ක කාලයක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව නියෝජනය කළ පෙරෙස්ගේ සිරුර එරට පාර්ලිමේන්තුව තුළ තැන්පත් කර තිබුණු බවත්, අවමංගල්‍ය උත්සවය ජෙරුසිලමේ මවුන්ට් හර්සල් හි ජාතික ආදාහන මළුවේදී සිදුකිරීමට නියමිත බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, දශක ගණනාවක සිට අළු යට ගිනිපුපුරු මෙන් පවතින ඊශ්‍රායල් - පලස්තීන අර්බුදය හමුමේ මෙම අවමංගල්‍ය උත්සවයට පලස්තීන නායකයාගේ සහභාගීත්වය විශේෂ සිදුවීමක් ලෙස හැඳින්වෙයි.