එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු, නැගෙනහිර හා කඳුකරය ප්රදේශවලට ඊළාම් ජනතා පෙරමුණ (ඊරෝස්) තම පක්ෂ ලාංඡනය වන නගුල යටතේ තරග වැදීමට නියමිත බව එම පක්ෂයේ සභාපති ආර්.ප්රභාකරන් මහතා පැවසීය.
කිසිවෙකුට යටත් වීම අපගේ අරමුණ නොවේ. ජනතාවගේ නිදහස සඳහා අපගේ දේශපාලන ගමන වේ. ඊළඟ පාර්ලිමේන්තුවේ රජයක් පවත්වන පක්ෂය කෙසේ වෙතත් එහි ජය ලබන නියෝජිතයන්ට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පක්ෂයේ සභාපතිවන ආර්.ප්රභාකරන් මඩකලපුව දිස්ත්රික්කයේ ප්රධාන අපේක්ෂක ලෙස ඉදිරිපත්වී ඇත.
මඩකලපුව - ජවුෆර්කාන්