මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නවී ඇතැයි විදුලි බලාගාර ඉංජිනේරුවරු පැවසූහ.
පසුගිය දිනවල එම ජලාශයේ ජල මට්ටම ඉතා පහළ මට්ටමක පවතියි. ජල මට්ටම ඉහළ යෑමත් සමග ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයෙන් මෙගාවොටි එකසිය පනහක විදුලි උත්පාදනයක් නිෂ්පාදනය කර ජාතික විදුලි බලපද්ධතියට එක්කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසා සිටියහ.
එම ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින වර්ෂාවත් සමග සෙන්ටික්ලෙයාර් සහ ඩෙවොන් දියඇලිවලද ගලා හැළෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.