ඉරාකය හා සිරියාව වෙත පැමිණ ඉස්ලාමීය රාජ්‍ය ගොඩනැගීම සඳහා සහාය වන්නැයි ජිහාඩ් ISIS ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ නායකයා විසින් ලොව පුරා මුස්ලිම්වරුන්ට නිවේදනයක් නිකුත් කර ඇති බව බී.බී.සී.ය පවසයි.
අබු බකර් අල්-බඝ්ඩාඩි විසින් හඬ පටයක් ලෙස නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ ඉස්ලාමීය රාජ්‍යයට පැමිණ ඊට සහාය වීම තම අනිවාර්යය වගකීමක් ලෙස මුස්ලිම්වරු සැලකිය යුතු බවය.
එහිදී, අධිකරණ විනිසුරුවන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට සහ හමුදාවේ සහ පරිපාලන ක්ෂේත්රයේ විශේෂඥයන්ට ඔහු විශේෂ ආරාධනයක් සිදුකර ඇති බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.
තමන් මේ වනවිටත් බලය පවත්වන ඉරාකය හා සිරියාව තුළ මේ වනවිට ඉස්ලාමීය රාජ්‍ය පිහිටවූ බව ජිහාඩ් ISIS ඉස්ලාමීය අන්තවාදී නායකයා මීට පෙර නිවේදනය කර තිබුණි.