ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ඉරාකය වෙත ඇමෙරිකානු හමුදා උපදේශකයන් 300ක්
ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සැදි ISIS ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා ඇමෙරිකානු හමුදා උපදේශකයන් 300ක් ඉරාකය වෙත යවන බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කියයි.
ඉරාක භූමියේදී අවශ්‍ය වුවහොත් කුමන මොහොතේ හෝ ඉලක්කගත හා නිශ්චිත හමුදා ක්‍රියාදාමයක් වෙනුවෙන් ඇමෙරිකාව සූදානමින් බව ඔබාමා අවධාරණය කරයි.
කෙසේ වතෙත්, ඇමෙරිකානු හමුදාව ඉරාකයේ මුහුණට මුහුණ සටනක නිරත නොවනු ඇති බවටද ඔබමා ඉඟි කරයි.
මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හමුදාමය විසඳුමක් නොමැති බව පෙන්වා දෙන ඔබාමා ෂියා මුස්ලිම්වරුන්ගෙන් සැදි ඉරාක පාලනයට කියා සිටින්නේ දේශපාලන විසඳුමක් වෙත පැමිණෙන ලෙසයි.
මේ අතර සුන්නි සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඉරාකය විසින් මීට පෙර ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණි. සුන්නි අන්වාදීන්ගේ ආක්‍රමණය සමග ඇමෙරිකාව විසින් ගල්ෆ් කලාපයට පිටත් කර එවූ ගුවන්යානා හාරක නෞකා, අති ප්‍රබල ප්‍රහාරක ගුවන්යානාවලින් සමන්විතව ගල්ෆ් මුහුදේ නැංගුරම්ලා සිටින තත්ත්වයක ඉරාකය මෙම ඉල්ලීම කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය දින 10ක කාලය තුළ මෙම ඉස්ලාමීය අන්තවාදී ISIS ත්රස්තයන් මේ වනවිට ඉරාක භූමියෙන් සෑහෙන ප්‍රමාණයක් ආක්‍රමණය කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
