අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම ලැජ්ජාවට කරුණක් නම් ජනාධිපතිවරයා අමාත්‍යධුරයෙන් ඉවත් කරන තුරු ඉන් ඉවත් නොවූයේ මන්දැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේය.
හෙතෙම මෙලෙස ප්‍රශ්න කර සිටියේ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අද(23දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
විජයදාස මහතාට ලැජ්ජාව දැනුනේ ධුරයෙන් නෙරපු පසුවදැයි අජිත් පී. පෙරේරා මහතා ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම විජයදාස මහතාට ලැජ්ජාව දැනුනේනම්, එක්සත් ජතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඔහුට එරෙහි යෝජනා ඒකමතිකව සම්මත කරගත් අවස්ථාවේදී ඉල්ලා අස්නොවූයේ මැන්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.