ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් ඉවතලන පොල් කුඩු හා ඇල් ගී යොදාගෙන ඩීසල් නිපද වීමට රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ කෘෂි ඉංජිනේරු අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලිය මගින් වැඩි ප්‍රමාණයක් ශක්තිය ගබඩා කරගත හැකි ශාක ලෙස ඇල්ගී හඳුනා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මේ සොයා ගැනීම සිදුකිරීමට හැකිවූ බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.
මේ සඳහා විවිධ ප්‍රදේශවලින් රැගෙන පැමිණි ඇල් ගී විශේෂයන් විශ්වවිද්‍යාලයේ වගා කරමින් මේ පර්යේෂණ සිදු කර ඇත. මේ නිසා ජීව ඉන්ධයක් වශයෙන් යොදා ගත හැකි අතර මින් පරිසර හිතකාමී මෙන්ම ඉතා හොඳ කාර්යක්ෂමතාවක් ඇති බවට සොයා ගෙන තිබේ.
දැනට යොදා ගන්නා ඩීසල්වලට සමානකමක් දක්වන මෙහි ශක්තිය කිසිදු ලෙසින් අඩුවක් නොමැති බව පර්යේෂණ කණ්ඩායම පවසයි. මේ නිසා නවසොයාගත් ක්‍රමවේදය යොදා ගෙන රට විශාල වියදමක් අඩු කර ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
වසර අටක පර්යේෂණයකින් පසුව ප්‍රතිඵලය ලබාගෙන ඇත. නිවසින් ඉවත් කරන පොල් කුඩු වේලා දැනට, පොල් තෙල් නිපද වීම වෙනුවෙන් ගම්වල පවතින පොල් තෙල් මෝල්වලින් තෙල් රැගෙන රසායනික සංඝටක යොදා ගැනීමෙන් අනතුරව ඩීසල් නිෂ්පාදන කර ගත හැකි බවද පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.