තොරතුරු දැනගැනීමේ පනත වත්මන් රජය විසින්ම ජනතාවට ලබාදුන්නේ විනිවිදභාවයෙන් සියලු කටයුතු කිරීමට බවත්,තොරතුරු දැනගැනීමේ පනත මගින් ඉදිරියේදී මහජනතාවට සති දෙකක් තුළ අවශ්‍ය තොරතුරක් සියලුම රජයේ ස්ථානවලින් ලබාගත හැකි බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21දා) මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්ට පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේමහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධවමල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හා අස්ගිරි මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමියන් හමු වූ අවස්ථාවේදීය.
මෙම පනත මගින් මාධ්‍යවේදීන්ට අනතුරක් සිදුවනවාදැයි මල්වතු මහනායක මහනාහිමියන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
මාධ්‍යවේදීන්ට තොරතුරු නිවැරදිව මේ හරහා ලබාගෙන වාර්තා කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා මහනාහිමියන්ට පවසා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත මගින් රජයේ ස්ථානයේ නිලධාරියාට ලිඛිතව තමන්ට අවශ්‍ය කරුණ සඳහන් කිරීමෙන් පසු සති දෙකක් තුළ අදාළ කාරණය පිළිබඳ විස්තරය ලබාගත හැකි බවයි. එමගින් රාජ්‍ය ආයතනවල දූෂණයන් වළක්වාගැනීමට හැකි වන බවත්, තොරතුරු ඉල්ලා සිටීමේදීජාතික ආරක්ෂාවට හා යම් අයගේ පෞද්ගලික තොරතුරු වැනි දේ ලබාගැනීමට නොහැකි වන බවත් පැවසීය.