තම ඉල්ලීම් නොසලකා හැර වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ගුවන්සේවාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බව ශ්‍රීලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාකාවන්හි සභාපති එම්.ඩබ්ලිව්.පී මොහන්දිරම් මහතා සඳහන් කරයි.
මත්තල ගුවන්තොටුපොළ විදේශකරණය නවත්වන ලෙස රජයට බලකරමින් අද (24දා) දහවල් මත්තල ගුවන්තොටුපොළ සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුහන්දිරම් මහතා,
“මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ විදේශීය රටකට විකිණීමට, ප්‍රතිව්‍යුහගත කිරීමකට, කිසියම් ව්‍යාපාරික කටයුත්තකට හෝ ව්‍යාපාරිකයෙකු හට පැවරීම සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී තියෙනවා. වැඩකරන ජනතාව විදියට මේ කාරණාව ඉතාමත් පිළිකුලෙන් හෙළා දකිනවා. කිසිදු ජාතික සම්පතක් කුමන හෝ ආකාරයකට විදේශීයකරණය කිරීම නිදහස් සේවක සංගමය කිසිසේත් අනුමත කරන්නේ නැහැ.
අපේ බලාපොරොත්තුව පැති තුනකට යනවා විශේෂයෙන් දේශපාලන, ව්‍යාපාරික සහ කම්කරු වැඩකරන ජනතාව පැත්තට. මරික්කාර් න්‍යාය මගින් කම්කරුවා දෙකයි දෙකේ පොලුවලින් ගහලා මර්දනය කරන්න හැදුවොත් ගුවන් සේවාවේ තිබෙන හැර බර අපි පෙන්වනවා. මෙම අහිංසක සේවකයන්ගේ රැකියා සමග සෙල්ලම් නොකරන ලෙස ආණ්ඩුවට දන්වනවා” යනුවෙන් පැවසීය.