බැඳුම්කර සිද්ධිය මුල්කර ගනිමින් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව විපක්ෂයේ ඇතැම් පිරිස් යෝජනා කළද රට තුළ එවැනි සම්ප්රදායක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට අමතරව කෝප් කමිටු වාර්තාවේ අගමැතිවරයාගේ නම නොමැති බව ඇතැම් පිරිස් චෝදනා කරමින් සිටින බවත්, කමිටු වාර්තාවට අගමැතිවරයාගේ නම ඇතුළු වුවානම් එය දේශපාලන වාර්තාවක් වන බවත් එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
එසේ වුවානම් මෙම වාර්තාව අධිකරණයකදී ප්රතික්ෂේප වී සියලුදෙනා නිදහස් විය හැකි බවත්, මේ නිසා අදාළ නඩුවකදී කෝප් වාර්තාව සාක්ෂියක් ලෙස ගෙන පරීක්ෂණ ඉදිරියට ගෙන යා හැකි බවත්, එහිදී අගමැතිවරයාගේ සම්බන්ධය නිසැකවම හෙළිවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.