වංචාවක්, දූෂණයක් අකටයුතුකමක් සිදුවූ විට ඇමැතිවරුන් තනතුරින් ඉල්ලා අස්වීම සහ ඉවත් කිරීම ෆැෂන් එකක් බවට පත්වී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ දූෂිතයන්ට, වංචනිකයන්ට දඬුවම් ලබාදී රටට සිදුකළ පාඩුව නැවත රටට ලබාදීමට බවද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සොයා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමට පැමිණ ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගෙන් පිරිසකටත් දූෂණ, වංචා ඇතුළු විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙන බවද පවසා සිටියේය.
එසේ තිබියදී ඔවුන්ට දඬුවම් ලබා නොදී ඉල්ලා අස්වීමට බලකිරීම සහ ඇමතිකමින් ඉවත් කර ඔවුන් සුදනන් බවට පත්කිරීමට කටයුතු කරන බවත්, ඊයේ දිනයේදී තනතුරින් ඉවත් කළ විජයදාස රාජපක්ෂ මහතාට ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.