තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය දැක්වීමක් වශයෙන් බව නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කරයි.
අමාත්‍ය ධුරයෙන් ඉවත් වුවත් මන්ත්‍රී ධුරයේ දිගටම කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටී.