ඉරිදා දිනයන්හිදී හා පුර පසලොස්වක පොහෝ දිනයන්හිදී වලදී වයඹ පළාතේ උපකාරක පංති පැවැත්වීම තහනම් කෙරෙන අති විශේෂ ගැසට් පත්රයක් වයඹ පළාත් සභාව විසින් නිකුත් කොට තිබේ.
2015/3/09 දින නිකුත්කොට ඇති මෙම ගැසට් නිවේදයන අනුව 1 වසරේ සිට 11 වසර දක්වා පෙ.ව. 6.00 සිට පස්වරු 1.30 දක්වා ඉරිදා දිනයන්හිදී උපකාරක පංති පැවැත්වීම තහනම් වෙයි. පෝය දිනයන්හිදී සම්පූර්ණයෙන්ම පංති පැවැත්වීම තහනම් මේ.
මෙම නියෝග කඩකරන්නන්ට රුපියල් 50000ක දඩයක් හෝ එක් අවුරුද්දක සිර දඩුවමක් හිමිවන බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.