ඉරාකයේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය සමග එහි ආරක්ෂාව බිඳ වැටීම හේතුවෙන් එරට සිදුකරන සංචාරයන් හිදී ශ්‍රී ලාංකිකයන් අතිශය වැඩි සැලකිල්ලක් යොමුකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන්ම දැනට ඉරාකයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සබඳතාව පවත්වා ගන්නා ලෙසයි.
එමගින්, ආරක්ෂාව පිළිබඳ නිවැරදි තොරතුරු හා අත්‍යවශ්‍ය උපදෙස් ලබාදීමට පහසු වන බව අමාත්‍යාංශය පවසයි.
ඉරාකයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය හා ඊමේල් ලිපිනය මෙසේය.
දුරකථනය +9647704847458
ඊමේල් [email protected]