ඉදිරි දින කිහිපයේදි ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරන හෙයින් හෙට (28දා) සිට සැප්තැම්බර් 07දා දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව හෙට (28දා) දහවල් 12.12ට පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.