සංචාරක වීසා මත මෙරටට පැමිණ රන් භාණ්ඩ බව පවසා ඉමිටේෂන් භාණ්ඩ විකුණමින් සිටි චීන ජාතිකයින් දෙදෙනෙක් ඊයේ (14දා) පුනරින් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පුනරින් පොලිස් වසමේ, පුනරීන් නගරයේදී, පුනරින් පොලිසියට ලද තොරතුරක් මත මෙම චීන ජාතිකයන් දෙදෙනා පුනරින් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ඊයේ (14දා) වව්නියාව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත් අධිකරණය නියෝගකර තිබේ. පුනරින් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වා ගෙන යයි.