ඉබෝලා වෛරසය සමග සටන් කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තමන්ට මේ වනතුරුත් ලැබී නොමැති බව බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුම් ප්‍රධානීයා අවධාරණය කරයි.
ටෝනි බැන්බරි නම් වූ ඔහු පවසන්නේ, ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍ය හා කියුබාව යන රටවලින් සෑහෙන ආධාර ලැබුණත්, ඉබෝලා සටනට මුහුණදීම සඳහා කඩිනම් සහනාධාර අවශ්‍යව ඇති බවයි.
ඉබෝලා වසංගතය හේතුවෙන් බටහිර අප්‍රිකාව තුළ මේ වනවිට පුද්ගලයන් 4,818ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර, ලයිබීරියා, සියෙරා ලියෝන් සහ ගිනියා ඉබෝලා වසංගතයෙන් දැඩි පීඩාවට පත් රටවල්ය.