බටහිර අප්‍රිකාව පුරා පැතිරී යන ඉබෝලා වෛරසය යම් පාලනයකට නතුකර ගැනීමට පෙර 20,000කට වඩා වැඩි පිරිසකට එය බෝවීමේ හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් පවසන්නේ මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් 3,000 ට වඩා එය මේ වනවිටත් හතර ගුණයක් පමණ වැඩිවිය යුතු බවයි.
මේ අතර මෙම කලාපය තුළ සිදුවන ගුවන් ගමන් නැවත අරඹන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ගුවන් සේවා සමාගම් වෙතින් ඉල්ලීමක් කර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ එසේ ගුවන් ගමන් සීමා කිරීම තුළින් වෛරසය සමග සටන් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකට ලක්කෙරෙන බවයි.
ඉබෝලා වෛරසය හේතුවෙන් මේ දක්වා ලයිබීරියාව, සියෙරා ලියෝන්, ගිනියා හා නයිජීරියා යන රටවල පුද්ගල මරණ 1,552ක් සිදුව තිබේ.\