ලොව පුරා ඉබෝලා ආසාධිතයන් පිරිස 10,000 ඉක්මවා ඇති බවත්, ඉබෝලා මරණ සංඛයාව 4,922ක් ලෙස පන්දහසකට ආසන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.
ඉබෝලා පැතිරී ඇති ප්‍රධානතම රාජ්‍යයන් තුන වන සියෙරා ලියෝන්, ලයිබීරියා සහ ගිනියා යන රටවල් හැරුණු විට සෙසු රටවලින් ඉබෝලා ආසාධිතයන් වාර්තා වන්නේ 27ක් පමණි.
මේ අතර, ඉබෝලා වසංගතයට ගොදුරු වූ නවතම රට ලෙස මාලි රාජ්‍යයද පත්ව ඇති අතර, වයස අවුරුදු දෙකක දැරියක් ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙම අවදානම ඇති වී තිබේ.
එම දැරිය සමග පුද්ගලයන් 40ක් පමණ ඇසුරු කර හෝ ආසන්නයට ගොස් ඇති බැවින් ඔවුන්ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට යොමුකොට ඇති බව කියැවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉබෝලා වසංගතය දරුණුතම රට ලෙස ලයිබීරියාව සැලකෙයි. එරට ඉබෝලා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛයාව 2,705 කි. එමෙන්ම, සියෙරා ලියෝන් හි මරණ 1,281ක් හා ගිනියාවේ මරණ 926ක් වාර්තා වෙයි.