ටෙස්ට් ඉනිම් 25කට (26 වැනි ඉනිමේදී) පසුව ටෙස්ට් පිටියේදී ශතකයක් වාර්තා කිරීමට කෞෂාල් සිල්වා සමත්විය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදීය.
කෞෂාල් අවසන්වරට ටෙස්ට් ශතකයක් වාර්තා කර තිබුණේ 2015 වසරේ ජුනි මාසයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැති තරගයකදීය. මෙය කෞෂාල්ගේ තෙවැනි ටෙස්ට් ශතකයද වෙයි.