ඉන්ෆ්ලුවන්සා වෛරසය වැලඳුණු කුඩා දරුවන් 37 දෙනෙකු පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේනේවාසික ප්‍රතිකාර ලබන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසීය.
එම දරුවන්ගෙන් 27 දෙනෙකුට ඉන්ෆ්ලුවන්සා උණ රෝගය වැලඳී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වූ බවද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මීට අමතරව තවත් දරුවන් කිහිපදෙනෙකුගේ රුධිර සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බවත්, දැනට එම දරුවන් 37 දෙනාටම ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණවලට අනුව ප්‍රතිකාර කිරීම ආරම්භකර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.