තෙල් මිළ ඉහළයාමක් මවාපාමින් රටේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ තෙල් මාෆියාව, රටතුළ ඉන්ධන හිගයක්ද ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් පතුරවමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්ධන මිළ ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නැතිවා සේම රට තුළ ඉන්ධන හිගයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවද, තෙල් මාෆියාව මගින් ගෙනයන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.