හම්බන්තොට වරායේ නෞකාවලට ඉන්ධන සැපයීමේදී සිදුවී ඇති මහා පරිමාණයේ අක්‍රමිකතාවක් හේතුවෙන් හම්බන්තොට වරායට ඩොලර් මිලියන 19.9 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හම්බතොට වරායේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
සිදුව ඇති අක්රමිකතාවට වගකිව යුත්තන් හඳුනාගැනීමට මේ වනවිට විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය කාලේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙනා තෙල් නැවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ එම නැවේ තිබුණු තෙල්වල තත්ත්වය දුර්වල මට්ටමක තිබුණු නිසයි. මේ හේතුවෙන් එම තෙල් නැව ආපහු යවලා තියෙනවා. නමුත් ඒ යවපු තෙල් මාගම්පුර වරායට විශාල මුදලක් ගෙවලා අරගෙන.
අද අපිට ඒ තෙල්, ඒවා ගත්ත මුදලින් තුනෙන් එකක වටිනාකමකටවත් විකුණගන්න බැරිවෙලා තියෙනවා. අනෙක් කරුණ, මේ තෙල් මිලදී ගෙන තියෙන්නෙ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළම තිබුණු අවස්ථාවක.
ඒ කියන්නෙ මේ තෙල් මිලදී ගෙන තියෙන්නේ අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය ප්‍රමාණයකින්. එයින් හම්බන්තොට වරායට වුණු පාඩුව ඩොලර් මිලියන 19යි දශම 3ක්. ඊට අමතරව බැංකුව පොළිය ලෙස ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක් ගෙවනවා.” යැයි පැවසීය.
චාමර සම්පත්/ රාහුල් සමන්ත