අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඒ අනුව ඉන්ධන මිල වැඩිවීම මෙසේය.
ඔකටේන් 92 මිල රුපියල් 20කින් ඉහළ යන අතර නව මිල 137කි.
ඔක්ටේන් 95 මිල රුපියල් 20කින් ඉහළ යන අතර නව මිල 148කි.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් ඉහළ යන අතර නව මිල 109කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ යන අතර නව මිල රුපියල් 119කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57කින් ඉහළ යන අතර නව මිල රුපියල් 101කි. (සමෘද්ධි හා ධීවරයින් සඳහා පැරණි මිලටම භූමිතෙල් ලබාදෙනු ඇත)