පිරිපහදු කළ ඉන්ධන හා බොරතෙල් ගොඩබාන බෝයාවල් සඳහා ලෝකයම පිළිගත් නළ සමීකරණ ලෙස ඛනිජතෙල් ජාතික සේවක සංගමය ඉල්ලා සිටියි.
කොළඹවරායෙන් පිට බොරතෙල් ගොඩබාන බෝයාවේ නළය මීට සතියකට පෙර පුපුරා ගිය බවත්, මීට අමතරව උස්වැටකෙයියාවේ පිහිටි ඉන්ධන ගොඩබාන බෝයාවේ නළය ඊයේ (05දා) සවස පුපුරා ගිය බවත් එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
පුපුරා ගිය ඉන්ධන නළය මුතුරාජවෙල තෙල් ගබඩාවට සම්බන්ධ වී තිබූ එකක් බවත්, මුතුරාජවෙල ගබඩාවෙන් රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයෙන් 70෴ ක ප්‍රමාණයක් බෙදාහරින බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා බෝයාවල් දෙකක පවතින බාලනළ ඉවත් කර දමා ලෝකයම පිළිගත් නළ බෝයාවලට යොදන ලෙසත්, පිරිපහදු ඉන්ධන බෝයාවේ නළය පුපුරායාම නිසා ඉන්ධන ගොඩබෑම නතර වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.