ගංවතුරෙන් හා නායයාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දුනීසියාවේ “සංඝ ථේරවාද ඉන්දුනීසියා” සංවිධානයේ සහ ලයන් එයාර් සමාගමේ සභාපති ( Kushan Kirana Ayung) මහතා සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් පරිත්‍යාග කෙරුණු මූල්‍යමය ආධාර අද (21) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීණි.
ඉන්දුනීසියාවේ “සංඝ ථේරවාද ඉන්දුනීසියා” සංවිධානයේ සහ ලයන් එයාර් සමාගමේ සභාපති Kushan Kirana Ayung මහතා විසින් රුපියල් විසිපන් ලක්ෂ හය දහසක මුදලක් (2,506,000) සහ මහාචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් රුපියල් ලක්ෂ පහක (500,000) මුදලක් මෙලෙස පරිත්‍යාග කෙරිණි.