ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 86 දෙනෙක් නිදහස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශයන්ට උපදෙස් දී තිබේ.
ඒ හා සමාගාමීව ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් විසිදෙනෙකු හා යාත්‍රා 22ක් නිදහස් කිරීමටද ඉන්දියාවේ අවධානය යොමුව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.