ජයලලිතා ජෙයරාම් මෙනවිය නැවත තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරිය ලෙස පත්වීමත් සමග යටපත් වූ තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර වූ මගී ප්‍රවාහන නැව් සේවාව යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා ඉන්දියාව සමග ආරම්භ කර ඇතැයි ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා පැවසීය.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියගේ අදහස වෙනස් වුවහොත් ඉක්මනින් තලෙයිමන්නාරම් හා රාමේෂ්වරම් අතර මගී ප්‍රවාහන නැව් සේවාව ආරම්භ කළ හැකි බවත්, ඒ සඳහා ලංකාව සූදානම් බවත් හෙතෙම පැවසීය.
රාමේෂ්වරම් පමණක් නොව කේරලය ආදී ඉන්දියාවේ තවත් නගර සමග සම්බන්ධ වී මගී ප්‍රවාහන නැව් සේවා ආරම්භ කිරීමට ලංකා නැව් සංස්ථාවේ අවධානය යොමු වී ඇති බවත්, එමගින් මෙරට උතුරේ ජනතාවට ඍජුවම ඉන්දියාව සමග සම්බන්ධ විය හැකි බවත් ශෂී ධනතුංග මහතා වැඩිදුරටත් පැවසීය. අද (10දා) කොළඹ වරායේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව පැවසීය.